|
New Chief Prelate for Ramanna Nikaya named
罗曼尼 “大宗派” 新任上首大导师(Maha Nayaka)
大宗派僧伽委员所发布的新闻公告:
http://www.adaderana.lk/news/693 ... bI0RQmhLnETU7LXhubQ
Most Venerable Makkulawe Wimala Anu Nayaka Thero has been appointed as the Maha Nayaka Thero of the Ramanna Maha Nikaya.
Makkuluwe Wimala Thero was born on August 25, 1948, in the Makulewa area in Galgamuwa in the Kurunegala District of the North Western Province.
Entering monkhood in 1960, Wimalabhidana Thero was ordained on July 22, 1969.
He had previously held the title of Adhikarana Sangha Nayake of the Ramanna Maha Nikaya and has been awarded the honorary title ‘Aggamaha Panditha’ by Myanmar in March 2019.
Accordingly, Most Venerable Makkulawe Wimalabidhana Thero has been appointed as the 14th Chief Prelate of the Ramanna Maha Nikaya today.
The appointment has been made by the Committee of the Sri Lanka Ramanna Maha Nikaya which convened this morning (22).
This is following the passing away of the Mahanayake of the Ramanna Maha Nikaya Most Venerable Napane Pemasiri Thero.
Pemasiri Thero passed away on Tuesday (November 17) at the age of 98 years while receiving treatment at the Peradeniya Hospital.
The final rites of the late Pemasiri Thero will be held with full state honors this afternoon (22) at the Kundasale National School Grounds. Police have taken steps to restrict traffic in the Kandy area.
罗曼尼大宗派新任上首大导师(Maha Nayaka)指定由马库拉维•离垢大长老接任.(Ven. Makulawe Vimala maha nayaka Thero)
离垢大长老与罗曼尼大宗派之下的吉祥至善禅修僧院教团(Sri Kalyani Yogashrama)有著良好亲近的友谊,深受吉祥至善禅修僧院教团导师施悦大长老(Janananda Mahathera)及龙树林僧院导师圣喜大长老的敬爱和支持。
马库拉维•离垢大长老简介 (Ven. Makulawe Vimala maha nayaka Thero)
මහා විහාරය වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අතිපූජ්‍ය මහා නායක මකුලෑවේ විමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
1948 අගෝස්තු මස 25 වන දින උපත ලැබ 1959 මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ 1960 මාර්තු මස 24 වැනි දින පැවිදි වූහ.
පැවිදි දිවියේ මුලික අධ්‍යාපනය 1967 වර්ෂයේ දී මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන නාහිමි, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පිදුමේ රතන නාහිමි සහ මහෝපාධ්‍යාය ලෝලූවාගොඩ ඤාණරතන නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් ලැබූ උන්වහන්සේ මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණින් ප්රාචින ප්‍රාරම්භය, මධ්යාම ආදි විභාග වලින් සමත්ව වැඩිදුර උසස් අධ්‍යාපනය සදහා 1971 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුලත්ව එවක බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ පීඨාධිපති වශයෙන් ක්‍රියා කළ අති පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේ ආදි ස්වාමින් වහන්සේලා සෙවනේ අධ්‍යාපනය ලැබිය.
අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ 1974 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද 1976 දී බුද්ධශ්රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධිය ද 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබා අනතුරුව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්හි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි ලබා ගත්හ. කැලණිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද 1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන්, ශාස්ත්‍රපති උපාධියද ලබා ගත්හ. 1969 ජූලි 22 වැනි දින, කොළඹ, තොටළඟ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී, ඉඳුරුවේ උත්තරානන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා වූහ.
1. 1984.06.30 ශ්‍රී සරණංකරෝපන සංඝ සභාවේ ලේඛක ධූරයට පත්වීම.
2. 1984.07.07 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවට පත්වීම.
3. 1987 කර්මවානාචාර්ය වරයෙකු ලෙස පත්වීම.
4. 1993.03.12 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මීරිගම සංඝ සභාවේ අනුජක ධුරයට හා පාලක සභාවට පත්වීම
5. 1996 ජ්‍යෙෂ්ඨ අනුජ්ජක ධුරයට පත්වීම.
6. 1996. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව
සාමාජිකත්වයට පත්වීම.
7, 1998.03.28 ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ගරුතර කාරක සභාවට පත්වීම.
8. 1991.12.19 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිරිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධූරයට පත්වීම.
9. 1998 ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම ග්රන්ථ ප්‍රකාශන අනු මණ්ඩලයේ සභාපති පදවියට පත්වීම.
10. 2000 සිට මහා බෝධි සමාගමේ යාවජීව සාමාජිකත්වය ලැබීම.
11. 2001 මාර්තු මස 31 - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛක ධුරයට පත්වීම.
12. 2005 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභාවට පත්වීම.
13. 2006.10.03 දින ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර සඤඤා ලේඛකාධිකාරි ධුරයට පත්වීම.
14. 2011.11.26 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහෝපාධ්‍යය පදවියට පත්වීම.
15. 2012.10.19 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක ධුරයට පත්විම.
16. 2020.09.25 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනු නායක ධුරයට පත්විම.
මේ ආදි විවිධ තනතුරු හොබවා ඇති අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සම්බුද්ධ ශාසනයටත්, ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපනික වශයෙන් කරන මෙහෙවර ඇගයිමක් වශයෙන් පසුගිය වසරේ බුරුම රාජ්‍ය මගින් පිරිනමන අග්ග මහා පණිඩිත උපාධිය ද මාහිමියන් වහන්සේ වෙත පිරිනමන ලදි. එසේම ධර්මකීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර, සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසන ශෝභන, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති ආදි ගෞරව නාම හා සම්මාන උපාධි ලබා තිබේන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අතිපූජ්‍ය මහානායක ධුරයෙන් පිදුම් ලැබූ මකුලෑවේ විමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ සඳහා තෙරුවන් සරණින් ආයුරාරෝග්‍යාදී සම්පත් ලැබේවා යි අප ආශිර්වාද කරමු.
උඩදුම්බර සෝභිත හිමි |
|