|
斯里兰卡 康提 马哈玛雅(Mahamaya)女子学校供奉2564本手写书本于佛牙舍利前,纪念建校89周年,同样也是铭记2564周年庆典的“佛胜日”。
Sri Dalada Maligawa
මහනුවර මහාමායා බාලිකාවන් සිය විදුහලේ අභිමානවත් 89 වෙනි සංවත්සරය අද(15) දළදා සමිඳුන් අභියස දී ග්රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. විද්‍යාලයේ සංවත්සරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්තියට වර්ෂ 2564 ක් සැපීරීම නිමිත්තෙන් “මහාමයා පන්හිඳෙන් දළදා උපහාර” ලෙස තේමා කර ගනිමින් මෙම අවස්ථාව විද්‍යාලයේ දියණිවරුන්, ආදි මහාමයා දියණිවරුන්, විද්‍යාලයීය ඇදුරු මඬුල්ල ඇතුළු දෙමාපියවරුන් අතින් සංවිධානය කරන්නට යෙදුනා.
මෙරට විදුහල් අතුරෙන් දිගු ඉතිහාසයක් ඇති කීර්තිමත් විදුපියසක් වන කන්ද උඩරට මහාමායා බාලිකා විද්‍යාලය වර්ෂ 1932 දී සාරා සෝයිසා ආර්යාව සහ චිත්‍රාවෝ රත්වත්තගේ නායකත්වයෙන් යුත් සදාචාර කුලගන සමිතිය විසින් ආරම්භ කරන ලද්දකී. ජාතික ප්රගමනය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ ජාතික නායකයින් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල, ඩී. බී. ජයතිලක, පී.ද.එස්. කුලරත්න, ජී.පී. මලලසේකර සහ සී.ඩබ්ලිව්. කන්නංගර යන මහත්වරුන් මහනුවර මහාමායා විදුහල ආරම්භ කිරීම සඳහා දායක වී ඇත.
දළදා සමිඳුන් අභියස පූජා කළ 2564ක් වූ මෙම සියළු ග්රන්ථ රචනා කර ඇත්තේ මහාමායා බාලිකාවන් විසින් වීම විශේෂත්වයක්.
Mahamaya Girls' College of Kandy is celebrating it's 89th anniversary today. To mark this and also in par with the 2564th "Buddha Jayanthi" the pupils, past pupils, teachers and parents organized "Mahamaya Panhinden Dalada Upahara" where they offered 2564 books written by them to the Sacred Tooth Relic today (15).
Mahamaya College of Kandy which is a famous girls' school situated in the hill capital has a proud history. The school was established in year 1932 by Lady Sara Soyza and Chitrawo Ratwatte through the "Sadachara Kulangana Samithiya" a ladies society of high esteem. It was encouraged and guided by national heroes like Anagarika Dharmapala, D.B. Jayathilake, P. De S. Kularathne, G.P. Malalasekera and C.W.Kannangara.
- මාධ්‍ය කාර්යාංශය | Media Bureau
#SriDaladaMaligawa #SriLanka
-
Photographs: Media Bureau ©2021
IG: @sridaladamaligawakandy | http://t.ly/ApA1
Join the Group: http://t.ly/piDP
http://www.sridaladamaligawa.lk
|
|