觉悟之路 上座部佛教 Theravada Buddhism

 找回密码
 注册

QQ登录

只需一步,快速开始

搜索
查看: 976|回复: 0

斯里兰卡佛像落成仪式

[复制链接]

753

主题

959

帖子

959

积分

文章编辑

Rank: 15Rank: 15Rank: 15Rank: 15Rank: 15

积分
959
发表于 2015-7-5 12:08:29 | 显示全部楼层 |阅读模式
නමෝ බුද්ධාය!

කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2015 ජූලි මස 01 වන අධි ඇසල පුන් පොහෝ දින සිදු කෙරුනා. මෙම උතුම් පින්කම සිදු කෙරුනේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර, ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහා නායක ධුරන්දර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේත් සහභාගීත්වයෙන්.

මෙම පුණ්‍ය කර්මය සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ශ්‍රද්ධා ගුවන් විදුලියේ විකාශන කටයුතු සිදුකෙරෙන කඩුවෙල මහමෙව්නාව භාවනා අසපු භූමියට එක්රැස් වී සිටියා. එහිදී අතිපූජනීය පින්වත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයෙහි පිහිටුවා කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිරි ගෞතම බෝධි වන්දනාව සිදු කරන ලදී.

එමෙන්ම මෙහිදී සිදුකරන ලද තවත් සුවිශේෂී පින්කමක් නම් උතුම් නීලගිරි ධාතූන් වහන්සේලා ගෞරවාන්විතව වඩාහිඳුවීම පිණිස රනින් නිමවන ලද මනරම් ධාතු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාරදීමයි. එම ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ ඉදිකරන ලද මනරම් ධාතු මන්දිරය ජූලි මස 8 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 125 පිරීම නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පින්කම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා, කඩුවෙල නගරාධිපතිතුමා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුලු තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගී වුනා. මෙම පින්කම් උදෙසා ධනයෙන් ශ්‍රමයෙන් ආදී නන් අයුරින් ආධාර උපකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ පින් උපකාර වේවා! සියල්ලෝම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

OF Gautama Buddha tabernacle sacrifices for the charity function Siri Siri Gautama Buddha Bodhi tabernacle of Abbey Gate newly constructed high Mahamevnawa baeādhaignaāna Esala Full Moon Poya day was done on July 01, 2015. The Great Drive was done in Sri Lanka Amarapura Maha Sangha Sabha chair, chair Venerable Maha Nikaya in Sri Kalyana chronicles Dodampahala Chapter Chandrasiri Thero and the Democratic Socialist Republic of Sri Lanka saṁgharatanayaeta President Sirisena and other dignitaries attended amautatanagaeta.

Large group of devotees for this charity Karma Shraddha Shraddha television and radio broadcasting is carried Kaduwela Mahamevnawa Meditation had been ground together. The Venerable Thero kind prelate by the crowd after holding paṁcasaīlayaehai formation Anusasana Ven Kiribathgoda Gnanananda the Lord Gautama was Siri Bo worship place.

The Pooja is also carried out another great rehabilitation work over of the relic casket of beautiful calligraphy department vaḍaāhain̆dauvaīma respect to gold relics. Is scheduled to open by His Excellency the President to celebrate 125 years anniversary of the Department of Archaeology in the beautiful shrine built on 8 July daeparatamaenatauvae sponsored archaeological relics of the saints, the Mahamevnawa Meditation to deposit relics.

The ceremony was the Minister of Justice for Wijayadasa Rajapaksa, Navy Commander, Commander, Kaduwela Mayor, distinguished guests who participated, including the Director General of Archaeology. Nan such as wealth for the meritorious labor helped all painavataunaṭa Dineesha sauvapatabhaāvaya find a healthy! Whether in the merit order to better understand the doctrine Noble Truths! Karma see all the great charity in everything accrues happy!



斯里兰卡佛像落成仪式照片
您需要登录后才可以回帖 登录 | 注册

本版积分规则

QQ|手机版|小黑屋|觉悟之路 ( 粤ICP备13026064号 )   粤公网安备 44060802000093号

GMT+8, 2020-10-28 10:35 , Processed in 0.203884 second(s), 20 queries .

Powered by Discuz! X3.4

Copyright © 2001-2020, Tencent Cloud.

快速回复 返回顶部 返回列表